Nov 04, 2018

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි ! Featured

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව සහ මානව හිමිකම් කොමසාරිස් වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි 'දිවයින ඉරිදා' වාර්තා කරයි.

මේ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘‘ඉරිදා දිවයින සංග්‍රහය’’ට ප්‍රකාශ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ ක්‍රියාදාමය ඉටු කරන බවට ප්‍රතිඥා දුන් බවද හෙතෙම කියා සිටියි.

2015 වසරේදී ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය පළ කිරීමට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහතා ඇමරිකානු රජයට එකග වූ බවත් එහි ප්‍රතිඵලයක් වූයේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 කට යුද අපරාධ චෝදනා එල්ල වී ඔවුන්ට විදේශ රටවල්වල සංචාරය කිරීමට නොහැකි වීම බවත් එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

මෙම ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබාදීම සඳහා මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවසර ගෙන නොතිබූ බවත්, මෙම එකඟතාවය නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනා විභාගයට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස් දී තිබු බවත් 'දිවයින' වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 මුලාශ්‍ර පුවත :

යුද හමුදාවට එරෙහි ජිනීවා යෝජනා මහින්ද ඉවත දමයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top