Nov 05, 2018

'දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හොඳ තීරණයක්' - මංගල

නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

2015 වසරේ සිටම දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට විරුද්ධ වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දැන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙන් බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Mangala Tweet

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top