Nov 05, 2018

28 වසරකට පසු මන්නාරම් සමූපකාරේ යළි භාරදෙයි (ඡායා)

මන්නාරම යුධ හමුදාව යටතේ වසර 28 ක් පැවති මන්නාරම නගරයේ සමූපකාර ගොඩනැගිල්ල අද(05) නැවත මන්නාරම සමූපකාර කාර්යාල නිළධාරීන් වෙත නැවත පැවරීම සිදුකරනු ලැබීය.

මන්නාරම නගර පිවිසුම ආසන්නයේ යුධ හමුදා කදවුර පවත්වාගෙන ගිය මන්නාරම පැරණි සමූපකාර ගොඩනැගිල්ල එලෙස පැවරීම සිදුකෙරිණ.

යුධ සමයේ මන්නාරම නගරයේ පැවති ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීම වෙනුවෙන් මන්නාරම 54 සේනාංකයට අයත් උප යුධ හමුදා මුරපොළක් හා කදවුරක් අදාළ ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කොට තිබිණ.

ජනාධිපතිවරයා සිදුකළ නියෝග යටතේ උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි සියළු ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වු සාකච්ජාවකදී පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හා මන්නාරම ආරක්ෂක අංශ ප්‍රධානීන්,මන්නාරම රාජ්‍ය නිළධාරීන්ගේ මැදිහත්වීම මත මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ජාව පැවැත්විණ.

මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ආරක්ෂක අංශ කදවුරු වෙනුවෙන් ඉඩම් පවත්වාගෙන නිදහස් කළ හැකි ඉඩම් සියල්ල නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදි ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේය.

මන්නාරම සමූපකාර ගොඩනැගිල්ල නැවත පැවරීමේ වැඩසටහනට 54 සේනාංක නිළධාරීන්,මන්නාරම සමූපකාර සංගම් නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ඉඩම් පැවරීම සිදුකළ අයුරු පහත දැක්වේ.

(සටහන හා ඡායා : මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු)

housere1

housere2

housere4

housere5

housere6

housere7

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top