Nov 05, 2018

'පාර්ලිමේන්තුවේ බහුතරය හරි' - ජනාධිපති කියයි

පාර්ලිමේන්තුවේ 113ක් වන බහුතරය දැනටමත් සම්පූර්ණ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා පවසයි.

නව ආණ්ඩුවට සහය පළ කරමින් සංවිධාන කර තිබු ''ජන මහිමය'' මහජන රැළියට එක්වෙමින් ජනාධිපවරයා එබව සඳහන් කළේය.

තමා ඉදිරියට තැබූ පියවර කිසිවිටෙකත් ආපස්සට නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කර සිටියේය.

කරූ ජයසූරිය මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස තමා මීට පෙර ආරාධනා කළ ද ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව පැවසු ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ බව කියා සිටියේය.

පසුගිය කාලය තුළ රට වෙනුවෙන් තීරණ ගත්තේ තමා හෝ අග්‍රාමාත්‍යවරයා නොව රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටි 'සමනල කල්ලියක්' බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top