Nov 06, 2018

'කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම ගෞරවාන්විතයි' - මංගල

කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විත බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05) පැවති 'ජන මහිම' රැළියේදී දැක්වූ අදහස්වලට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

එජාප රජයේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා විසින් හෙලා දකින ලද්දේ සමලිංගික විරෝධී ප්‍රකාශයකිනි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දු ගැනීමට සාකච්ඡා කළ පිරිස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හඳුන්වන ලද්දේ “සමනල කණ්ඩායමක්” ලෙසිනි.


මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top