Sathosa

'' නව පත්වීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල නොවන බවට අපි සලකන්නෙමු.'' - මුස්ලිම් කොන්ග්‍රස් නායක  '' නව පත්වීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල නොවන බවට අපි සලකන්නෙමු.'' - මුස්ලිම් කොන්ග්‍රස් නායක 
Nov 07, 2018

'අලුත් ආණ්ඩුවට සහය දුන් කතා බොරු' - හකීම් කියයි  Featured

අළුතින් දිවුරුම් දුන් අගමැතිවරයා හට තමා මෙන්ම තමාගේ පක්ෂයේ සහයෝගයද ලබාදුන් බවට පළවන වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි.

''පාර්ලිමේන්තුව තුළදී ඔහුට බහුතරයේ සහය හිමි බව ඔප්පු වන තෙක් මෙම පත්වීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල නොවන බවට අපි සලකන්නෙමු.'' යයි හකීම් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. 
PHOTO 2018 11 07 07 34 01මුස්ලිම් පක්ෂ දෙකම එකම ස්ථාවරයක :

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී එම ප්‍රකාශකයින් දෙදෙනෙකු කියා සිටියේ, තම පක්ෂ ජනාධිපති සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාව අනුමත නොකරන අතර අවබෝධතා ගිවිසුමක් ගැන සාකච්ඡාවක් හෝ නොකළ බවයි. 

ජනාධිපතිවරයාගේ කැඳවීමක් අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රස් නායක බදුර්දීන් දෙදෙනා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ නමුත් මෛත්‍රී -මහින්ද ආණ්ඩුවට සහයෝග ලබා දීමට කිසිඳු ලෙසකින් එකඟ නොවූ බව එම ප්‍රකාශකයන් දෙදෙනා අවධාරණය කර සිටියේය.

මෙම පක්‍ෂ දෙක පාර්ලිමේන්තුවේ ආසන 12ක් නියෝජනය කරති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top