Nov 07, 2018

'පෞද්ගලික කෝන්තරවලට රට අර්බුදයට දාන්න එපා' - රනිල්, මෛත්‍රීට කියයි

තමන් සමඟ තිබෙන පෞද්ගලික ප්‍රශ්න මත ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අවුල් කරමින් ක්‍රියා කර රට පහත හෙළීම නොකළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 ) සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහන් කර තිබේ.

ව්‍යවස්‌ථා අවුලක්‌ නිර්මාණය කරමින් ජනාධිපතිවරයා නීති විරෝධී සහ සදාචාර විරෝධී ලෙස ක්‍රියා කිරීම තුළින් රට අර්බුදයක්‌ කරා ගමන් කරන බව පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා, ඡන්දය දුන් ජනතාව කප්පමක්‌ ලෙස යොදා ගනිමින් රට තුළ ව්‍යවස්‌ථා අර්බුදයක්‌ ඇති කිරීම නොකළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.


මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top