Nov 07, 2018

TNA වියලේන්දිරන්, ආණ්ඩුවට එකතු වු හේතුව !

තමන් මෛත්‍රී – මහින්ද ආණ්ඩුව සමග එක්වුනේ දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු – නැගෙනහිර හමුදාව යටතේ පවතින සියළුම ඉඩම් නිදහස් කර දීමටත්, දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලද ධනාත්මක පිළිතුර නිසාත් යැයි 

නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. විජයාලේන්ද්‍රන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩුවට එක්වූ වියලේන්දිරන් මහතා එබව කියා සිටියේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා , මම ගිහින් එකතු වුණා. දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු – නැගෙනහිර හමුදාව යටතේ පවතින සියළුම ඉඩම් නිදහස් කරලා දෙනවා කියලා කිව්වා. දේශපාලන සිරකරුවන් ගැනත් ජනාධිපතිතුමා ධනාත්මක පිළිතුරක් දීලා තියෙනවා. මම පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ.”

මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා ඉදිරිපත් කළ කරුණු 11න් අවම වශයෙන් 25%ක් නව රජයේ සීමිත කාලය තුළදී ඉටු නොකළහොත් ඉන් ඉදිරියට විරෝධය පළ කරන බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

ආණ්ඩුවට එක්වීම සඳහා තමන් මුදල් ලබා නොගත් බවද ඔහු සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top