nsb
Sathosa

Nov 08, 2018

''මහින්ද අගමැතිකම ගත්තේ 113 තිබුන නිසා'' - වෙල්ගම කියයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම බාර ගත්තේ 113ක බහුතරය තිබු නිසා බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කෙසේවුවද අද රට තුල අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවත් නිවැරදි අගමැති කවුදැයි රටට පැහැදිලි කල යුතු බවත් ඔහු සදහන් කරයි.

රටේ වත්මන් දේශපාලන අර්බුදය ගැන කරුණු පැහැදිලි කරමින් මාධ්‍යවේදීන් හමුවේ ඔහු එබව කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍ය අවස්ථාවන්වලදී පක්‍ෂය ඡන්දය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එහිදී පැවසිය.

රටේ ව්‍යවස්ථාවක් ඇති බවත් ඒ අනුව කටයුතු කරමිල් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කලේ නම් වඩාත් හොද බවත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

 'මේ කරපු වැඩේ වැරදියි'

 වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

“අපිට මීට වඩා වෙන ක්‍රමයකට බලය ගන්න තිබුණා. අපිට අයවැය පරද්දන්න තිබුණා. නැත්නම් තව මාස 12 ඉවසලා ඡන්දයෙන් මේ බලය ගන්න තිබ්බා. අපිට දිනන්න හොඳම අවස්ථාව තිබියදි අපි මේ කරේ වැරදි වැඩක්.

මේ බලන්න ඒ වැඩේ නිසා රට අස්ථාවර වෙලා ඒ ගැන දුකයි. මහින්ද මහත්තයාට බලේ ලැබිච්ච එක ගැන සතුටුයි. ඒත් රට ගැන හිතලා දුකයි.

2015 දි මම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් වුණේ මෛත්‍රිපාල සිරිසේන එක්ක කිසිම ගණුදෙණුවක් තියාගන්නේ නෑ කියලා. ඉතින් අයේ රෙද්දක් ඇදගෙන එතන ඉන්න පුළුවන්ද?”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top