nsb
Sathosa

Nov 08, 2018

සෝමාවතිය පුදබිම තාවකාලිකව වසයි

සෝමාවතිය පුදබිම් මාර්ගය මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කිලෝමීටර් දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා ඊයේ (07) පස්වරුවේ සිට එම මාර්ග වසා දමා ඇති බව පුලස්තිපුර පොලිසිය පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වැව් සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් එම ජලය මුදාහැර ඇත්තේ මහවැලි ගඟට බැවින් ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා සොමාවතිය පුදබිම මාර්ගයේ තැඹිලි කොම්බ වංගුවේ සිට දිග්ගල වංගුව දක්වා ප‍්‍රදේශය අඩි තුනක් පමණ උසට කිලෝමීටර් දෙකක් ජලයෙන් යට වී ඇත.

එබැවින් සෝමාවතිය වැඳ පුදා ගැනීමට පැමිණ සිටි බැතිමැතුන් සියලුදෙනා ඉන් ඉවත් කර පිටත් කළ බවත් නැවැත ජලය බැස යන තුරු කිසිවෙකු සෝමාවතිය පුදබිම් මාර්ගයට ඇතුල් වීමට අවසර නොදෙන බවත් එම මාර්ගය මේ වන විට විවෘතව ඇත්තෙ පොළොන්නරුවේ සිට සුංගාවිල දක්වා පමණක් බවත් පුලස්තිපුර පොලිසිය දන්වා සිටී.

සටහන සහ ඡායා - ඩබ්ලිව්. ඒ පියතිලක - හිඟුරක්ගොඩ

Somawathi1

Somawathi3

Somawathi6

Somawathi7

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top