nsb
Sathosa

Nov 08, 2018

ආචාර්ය දේවනේසන් නේසයියාහ් ජනාධිපතිගේ සම්මාන ප්‍රතික්ෂේප කරයි Featured

දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් ලෙස රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියාහ් පවසා තිබේ.

ඔහු ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් මේ බව දන්වා ඇත.

ශ්‍රී ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිළධාරියෙකු වන දේවනේසන් නේසයියා 1959 සිට 2017 දක්වා කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම පදක්කම ජනාධිපති සිරිසේන විසින් පිරි නමා තිබුණි.

2017 මාර්තු මාසයේ පිරි නමන ලද මේ ශ්‍රේෂ්ට පදක්කම වසර 70ක ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම අමනෝඥ ලෙස බිඳ දැමීම හේතුකොටගෙන තමා තුළ හට ගත් අප්‍රසාදය නිසා තවදුරටත් එම පදක්කම තබා ගැනීමට අකමැත්ත පළ කරන බව ඔහු පවසා තිබේ.

මේ වන විට විදේශගතව සිටින තමා ශ්‍රී ලංකාවට පැමිණි විගස සිය පදක්කම හා සහතිකය ජනාධිපති සිරිසේන මහතාට ලබා දීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.

An Open Letter to President Maithripala Sirisena

nesiya  ''සිරිසේනගෙන් හා රාජපක්‍ෂගෙන් දේශමාන්‍ය සහ නොයෙකුත් සම්මාන ගත් අනෙක් අයටත් ඒ සම්මාන ආපසු හරවා යැවීමට හැකිද? '' - 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ අසයි

ගරු කටයුතු සිවිල් සේවකයෙකු වූ ආචාර්ය දේවනේසන් නේසයියා මහතා, ගිය වසරේ එතුමාට ජනාධිපති සිරිසේන මහතා විසින් දුන් "දේශමාන්‍ය" සම්මානය නැවත හරවා යැවීමට ගත් තීරණය බෙහෙවින් පැසසුමට ලක්කර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා, 'සිරිසේනගෙන් හා රාජපක්‍ෂගෙන් දේශමාන්‍ය සහ නොයෙකුත් සම්මාන ගත් අනෙක් අයටත් ඒ සම්මාන ආපසු හරවා යැවීමට හැකිද? '' කියා විමසා සිටියි.

ඒ සම්මානය නැවත හරවා යැවීමෙන් එතුමා ලබන "මහජන ගෞරවය" තරම් සම්මානයක් කිසිවෙකුට තම ජීවිතයේදී ලැබිය හැකිද? ඔහු ප්‍රශ්න කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top