nsb
Sathosa

Nov 08, 2018

පුරාවිද්‍යා භූමියේ ළිං කැපීමට ගිය පිරිස් ඉවතට

අධිකරණ නියෝගයක්‌ නොතකා වව්නියාව නෙඩුන්කේණි, වෙඩුක්‌කුනාරී පුරාවිද්‍යා භූමිය තුළ නළ ළිඳක්‌ තැනීමට ගිය හින්දු බැතිමතුන් පිරිසක්‌ 01 දා නෙඩුන්කේණි පොලිසිය විසින් ඒ ස්‌ථානයෙන් ඉවත්කොට තිබේ.

නෙඩුන්කේණි, වෙඩුක්‌කුනාරී පුරාවිද්‍යා ස්‌ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්‌ථානයකි.

යුද සමයේ දී හින්දු බැතිමතුන් පිරිසක්‌ මේ ස්‌ථානයට මල් පහන් පූජා කරමින් වන්දනාමාන කිරීම නිසා ඔවුන්ට ඒ ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තනා ගැනීමට අවසර ලබාදෙන මෙන් ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කොට තිබිණි.

ඒ අනුව බෞද්ධ නටබුන් ඇති ස්‌ථානයට මීටර් 500 ක්‌ දුරින් හින්දු කෝවිලක්‌ ඉදිකර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලැබුණද ඔවුන් හින්දු කෝවිලක්‌ ඉදිකොට දේවරූප තැන්පත් කිරීම සිදු කරන ලද්දේ බෞද්ධ නටබුන් සහිත ස්‌ථානයේය.

මේ නිසා ඇතිවූ ආරවුල සමතයකට පත්කර ගැනීම සඳහා අධිකරණය වෙත ගිය අවස්‌ථාවේදී වව්නියාව දිසා අධිකරණය නියෝග කළේ නිසි තීරණයකට එළැඹෙන තුරු කිසිවකුත් එම ස්‌ථානයට ඇතුළු නොවන ලෙසයි.

නමුත් හින්දු කෝවිලේ භාරකාර මණ්‌ඩලයේ පිරිසක්‌ පසුගිය 01 වැනිදා එම ස්‌ථානයේ නළ ළිඳක්‌ කැපීමට සූදනම් වූ අවස්‌ථාවේදී නෙඩුන්කේණි පොලිසිය විසින් පෙන්වාදී ඇත්තේ අධිකරණයෙන් නිසි අවසරයක්‌ ලැබෙන තුරු මේ ස්‌ථානයේ කිසිම සංවර්ධන කටයුත්තක්‌ නොකරන ලෙසයි.

ඒ අනුව හින්දු කෝවිලේ පිරිස නළ ළිඳ තැනීම නතරකොට දමා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top