Nov 09, 2018

අතුරුදන්ව සිටි මුස්ලිම් මන්ත්‍රී යළි රිෂාඩ්ට එකතුවේ : මක්කම ගිය මන්ත්‍රීවරු 12 යලි එන්නේ 12 Featured

දින කිහිපයක් අතුරුදන්ව සිටි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා අද (09) උදැසන විදේශගතවූ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සිය පක්ෂයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා සමග මක්කම වන්දනාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට මොහු ද අද එක්වීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා පෙරේදා (07) පස්වරුවේ එම පක්ෂයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා මහතා හමුවී සාකච්ජා පවත්වා තිබිණ.

රිෂාඩ් බදූර්දීන් මහතාගේ නිල නිවසේ පැවති එම සාකච්ජාවේදී ඔහු කරුණු රැසක් අනාවරණය කර ඇතැයි ද පැවසේ.

WhatsApp Image 2018 11 08 at 10.44.22 AM1ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා පෙරේදා පස්වරුවේ රිෂාඩ් බදූර්දීන් මහතා මහතා හමුවූ අවස්ථාව ..

මෙම මන්ත්‍රීවරයා මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහය පලකිරීමේ සුදානමකින් පසුවන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා එම පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මක්කම වන්දනාව සඳහා පෙරේදා (07) පස්වරුවේ පිටව ගියද ස්විනි මොහොමඞ් ඉස්මයිල් මහතා එම ගමනට එක් නොවූ අතර අද දිනයේ තම පක්ෂයේ කණ්ඩායමට එක්වන බවට සහතික වී තිබිණ.

1541686685 89818 hirunews hakeem

 මේ අනුව රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 07 දෙනා සහ රිෂාඩ් බද්දුර්දින් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනා මේවන විට විදෙස්ගතව ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ නිල ට්විටර් ගිනුමේ දැක්වෙන්නේ මක්කම වන්දනාව සදහා තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනා සෞදි අරාබිය බලා පිටත්ව ගිය බවයි.

මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් 12 දෙන ලබන 12 රාත්‍රී යලි ලංකාවට පැමිණීමට නියමිතය.

 මුස්ලිම් නායකයින්ගේ විරෝධය :

 තම පක්ෂ කඩා බිඳ දමා කුමන්ත්‍රණකාරී ලෙස මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට කටයුතු කලහොත් මින් මතු කිසිදිනක තම පක්ෂවල සහයක් නොදෙන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා ජනාධිපතිවරයාට හා බැසිල් රාජපක්ෂ මහතාට පසුගියදා දැඩි ලෙස ප්‍රකාශකර තිබිණ.

පාර්ලිමේන්තුව තුළදී මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයේ සහය හිමි බව ඔප්පු වන තෙක් එම පත්වීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල නොවන බව තම පක්ෂවල ස්ථාවරය යයි එම පක්ෂ දෙකෙහි නායකයින් ජනාධිපතිවරයාට පවසා ඇත.

කෙසේවුවද, පොහොට්ටු පක්ෂයේ මුස්ලිම් සංවිධානයේ නායක අබ්දුල් සතාර් මහතා පවසන්නේ, රවුෆ් හකීම් හා රිෂාඩ් බදුයුදීන් යන මහත්වරුන්ට හැකි නම් ලබන 16 වැනිදා තෙක් ඇමතිකම් නොගෙන සිටින්නැයි තමා අභියෝග කරන බවයි.

c6e019ec 4b8f 4514 90c0 0715b2b3234c

f276c9a6 dbb6 4b90 9b1b 81ceb17c1fc8අතුරුදන්ව සිටි මුස්ලිම් මන්ත්‍රීවරයා

 සබැඳි පුවත් 

හකීම් සහ රිෂාඩ් සගයින් සමග මක්කම යයි ! එක අයකු නොයයි !!

රවුෆ්ට හා රිශාඩ්ට ඇමතිකම් ගැන සතාර්ගෙන් අභියෝගයක් (වීඩියෝ)

'අලුත් ආණ්ඩුවට සහය දුන් කතා බොරු' - හකීම් කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top