nsb
Sathosa

Nov 09, 2018

''ඒකාබද්ධයේ අයත් ශ්‍රීලනිපයට එනවා'' - ලක්ෂ්මන් සෙනවිරත්න

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද ළඟදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියි.

ඊයේ (08) පැවති ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් සහභාගි නොවූයේ මන්දැයි මාධ්‍යවේදීන් කල විමසීමේදී ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා එබව කියා සිටියේය.

''අද තිබුනේ ශ්‍රීලනිප විධායක සභාවේ රැස්වීමක් ... දැන් අපි එකතුවෙලා ඉන්නේ.. ඒකාබද්ධයේ අයත් හෙට අනිද්දා අපට එවි. ඒ ගැන සැකයක් නැහැ'' යයි ඔහු කියා සිටියේය.

 හඬපටය මෙන්න

මෙහිදි පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ශ්‍රීලනිප 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ, බහුතරය අවශ්‍ය වෙලාවට පෙන්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට අලුත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වන බව සඳහන්ව තිබුන ද ඔහු ඊට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ගෙන් ප්‍රශ්න කල අතර ඔහු කියා සිටියේ, එය ප්‍රශ්නයක් නොවන බවයි.

ශ්‍රී ලනිපයට දේශපාලන මණ්ඩලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට එම පක්‍ෂයේ අනුමැතිය හිමිවූ බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසිය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ රැස් වූ එම පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදීයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top