nsb
Sathosa

Nov 09, 2018

වැව කැඩී යාමෙන් පුද්ගයන් කිහිපයක් අතුරුදන්

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

ආසන්නයේ පැළක පියා, මව හා දරුවෙකු ජීවත්ව ඇති අතර අදාළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවද ඔවුන් පවසයි.

අතුරුදහන් අදාළ පිරිස හා වැව යටතේ කුඹුරු වගාවන් කළ පිරිසක් ජල ගැලීම්වලට හසුව ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බව මුලතිව් ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසූවේ ජල ගැලීම්වලට හසුව ප්‍රදේශයේ ගොවි ජනතාව හා ප්‍රදේශවාසීන් හය දෙනෙකු අතුරුදහන්ව ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර, අදාළ පිරිස් සොයා මුලතිව් යුධ හමුදා නිලධාරීන් සමඟ ඒකාබද්ධව සොයා ගැනීම් මෙහෙයුම් දියත් කොට ඇති බවයි.

පුද්ගලයින් හය දෙනෙකු ජලගැලීම්වලට හසුව සිටියදී සොයාගෙන ඇති අතර, ගුවන් හමුදාවේ සහයෝගය මත අදාළ පිරිස අද(09) උදැසන බේරා ගැනීමට නියමිත බවද මුලතිව් ආපදා කළමණාකරණ නිලධාරීන් පැවසීය.

ප්‍රදේශ‍යේ ගොවි ජනතාව පැවසූවේ වැව කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල යටවි ඇති අතර වැස්ස වැඩි වුවහොත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන යටවීමේ අවධානමක් මතුව ඇති බවයි.

වසර 35 කට පසුව වැව මේ වර්ෂයේ රුපියල් මිලියන 15 ක මුදලින් ප්‍රතිසංස්කරණය කොට තිබු අතර, එලෙස ප්‍රතිසංස්කරණය කළ වැව මෙලෙස කැඩී ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

වැව් බැම්ම කැඩුණ ස්ථානය කඩිනමින් සකස් නොකළහොත් වැව සම්පූර්ණයෙන් සිදී ‍යනු ඇති අතර, වැවේ ජල ධාරිතාව අඩි 13 ක් වන බවද ප්‍රදේශයේ ‍ගොවි ජනතාව පවසති.

මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

සටහන සහ ඡායා - මාධව කුලුසූරිය - වව්නියාව

Lakedemage1

Lakedemage3

Lakedemage4

Lakedemage6

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top