nsb
Sathosa

Nov 09, 2018

ගෝඨාට රට යන්න අවසර (update)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 14 වන දා සිට ජනවාරි 14 වන දා දක්වා මෙලෙස විදේශගතවීමට ඔහුට මෙම අවසරය හිමි ව ඇත.

මෙම නඩුව කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස ද නියෝග කෙරුණි.

last update-11.10am

-----------------------------------------------------------------------------------------------------------------

ගෝඨා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top