Nov 09, 2018

ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ කෑම දීමනා නවතයි

කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා නේවාසිකාගාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ලබාදුන් ආහාරවේල අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තාවේ.

ඉකුත් වසර කිහිපයේදීම ඔවුන් සඳහා ආහාර ලබා දීම අඛණ්ඩව සිදුකෙරුණ අතර මළල ක්‍රීඩා ඇතුළුව සෙසු ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් සඳහා පැමිණෙන්නේ මෙම නේවාසිකාගාරයේ සිටය.

කෙසේවෙතත් ඉකුත් අගෝස්තු මස සිට නේවාසිකාගාරය වසා දැමීමට අමාත්‍යාංශයේ බලධාරීන් කටයුතු කර ඇති අතර නැවත එය විවෘත කළ පසු ආහාර ලබා නොදීමටද තීරණය කර ඇති බව පැවසේ. කෙසේ වෙතත් බලධාරීන් ලබා දෙන පෝෂණ දීමනාව සහ ආහාරපාන ලබන වසරේ පැවැත්වෙන තේරීම් තරගවලින් පසුව යළි ලබාදීමට තීරණය කර ඇති බවද පැවසේ.

මේ අතර ලබන අප්‍රෙල් මස ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය සහ ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් නම් කළ ජාතික සංචිතයටද මේ දක්වා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියද හිමිව නැත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top