nsb
Sathosa

Nov 09, 2018

යුරෝපා සංගමය තෙවැනි වරටත් නිවේදනය කරයි Featured

මෙරට මුහුණ දී තිබෙන අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත.

මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය මත තබා තිබෙන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලු පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතු යැයි තමන් විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top