nsb
Sathosa

Nov 09, 2018

සාමණේර හිමිගේ කරට අත දමා විසුළු කළ අයෙක් රිමාන්ඩ්

බීමතින් කෑගල්ල ප්‍රදේශයේ පන්සලකට ගොස් කුඩා සාමණේර ස්වාමීන් වහන්සේගේ කරට උඩින් අත තබාගෙන උසුළු විසුළු කළ තරුණයකු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 14දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකි. මේ තරුණයා ප්‍රදේශයේ පෙදරේරුවකුගේ අත්උදව්කරුවකු බව පොලිසිය කියයි. මෙම තරුණයාගේ නිවෙසට ආසන්නයේ මෙම විහාරස්ථානය පිහිටා ඇති අතර මොහු මෑතක සිට එම විහාරස්ථානයට ගොස් සාමණේර ස්වාමීන් වහන්සේගේ කරට උඩින් අත දමාගෙන උසුළු විසුළු කර ඇති බව පොලිසිය කියයි.

විහාරාධිපති හිමියන් අවස්ථා කිහිපයකදීම එලෙස නොකරන ලෙස තරුණයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර පසුව උන්වහන්සේ කෑගල්ල මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක්ද කර ඇති බව පොලිසිය කියයි.

එම පැමිණිල්ල සමථයකට පත්කරමින් සිටියදී තරුණයා යළිත් ඉකුත් 06දා අධිකව මත්පැන් පානය කර විහාරස්ථානයට ගොස් සාමණේර ස්වාමීන් වහන්සේ සමඟ උසුළු විසුළු කරමින් සිටියදී නාහිමියන් මෙම තරුණයාට විහාරස්ථානයෙන් බැහැරව යන ලෙස දන්වා ඇත. නාහිමියන් හට තරුණයා පරුෂ වචනයෙන් බැන ඇති අතර ඒ බව උන්වහන්සේ 119 හදිසි දුරකථන අංකයට දැන්වීමෙන් පසු තරුණයා අත්අඩංගුවට ගෙන පෙරේදා 07දා කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ගනේගොඩ (21565) තරුණයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top