nsb
Sathosa

Nov 09, 2018

"සේනා"මඩින්න මහින්දගෙන් උපදෙස් Featured

අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වූ ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන සේනා නමැති දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මුලින්ම මෙම දළඹු විශේෂය නයිජීරියාවෙන් මුල්වරට හඳුනාගෙන ඇති අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන්ද වාර්තා වී ඇත. නොසන්සිදෙන කුසගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවන් විනාශ කළ හැකි අතර එක් දළඹුවෙක් එක් වරකට බිත්තර 200ක් දමන බව සොයාගෙන තිබේ.

එමෙන්ම මෙම දළඹුවා හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකියාව පවතින බැවින් එම සළඹයාට දළඹුවන් බෝ කිරීම ශීඝ්‍රයෙන් සිදු කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර ඉන් පසු දුඹුරු පැහැයට හැරේ. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටි පැත්තේ සුදු පැහැයෙන් ඉංග්‍රීසි වයි අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් ඇත.

මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට නැත්නම් 1920 හෝ 081-2388316 දුරකථනයට දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top