nsb
Sathosa

Nov 09, 2018

කාම්බෝජයේ බෝම්බ නිශ්ක්‍රීය නිලධාරීන් මුහමාලෙයි යයි

කාම්බෝජයේ බෝම්බ නිශ්ක්‍රීය අංශ ප්‍රධානීන් පිරිසක් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බෝම්බ නිශ්ක්‍රීය කිරීම් කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ඊයේ(07) සහභාගි විය.

යුධ හමුදා ඉංජිනේරු බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ සාමාජිකයින් බෝම්බ නිශ්ක්‍රීය කිරීම් සිදුකරන මුහමාලෙයි කිලාලි කලපුව ආසන්න ප්‍රදේශයේ බෝම්බ නිශ්ක්‍රීය කටයුතු වෙනුවෙන් අදාළ පිරිස සහභාගි වී තිබේ.

යුධ හමුදා ඉංජිනේරු බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

පසුගිය යුධ සමයේ යුධ හමුදා හා එල් ටී ටී ඊ සංවිධානයේ ඉදිරි ආරක්ෂක වළලු යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පැවතීම හේතුවෙන් අදාළ සීමාව තුළ අධික වශයෙන් බිම් බෝම්බ වළලා ඇති බව ආරක්ෂක අංශ පවසති.

මෙරට ‍සිදුවන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා තාක්ෂණික යොදා ගැනීම් නිරීක්ෂණය කිරීම කාම්බෝජ නියෝජිතයින් සිදුකරනු ලැබීය.

වැඩසටහන් අවස්ථාවට යුධ හමුදා ඉංජිනේරු බළකා නිළධාරීන්, බෝම්බ නිශ්ක්‍රීය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

Kamboj1

Kamboj3

Kamboj4

Kamboj5

Kamboj7

Kamboj8

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top