nsb
Sathosa

Nov 09, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න - කැෆේ

 පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර එහි ව්‍යවස්ථානුකූලබව පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස 'කැෆේ' සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටියි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා විසින් ලිඛිතව එම ඉල්ලීම සිදුකර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සදහා ගරු ජනාධිපතිතුමන් ලෙස ඔබට, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනුව බලයක් ඇති ද? යන්න පිළිබද මේ වන විට මත දෙකක් පළ වී ඇත.

එජාපය හා පාර්ලිමේන්තුවේ ඔවුන්ට සහාය දෙන කණ්ඩායම් ද, එයට සහාය දෙන සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් ප්‍ර‍කාශ කරන්නේ මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සදහා ඔබතුමන්ට බලයක් නොමැති බවයි.

ඔබතුමා නියෝජනය කරන ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයින්, හිතවතුන් හා සංවිධාන පවසන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සදහා බලයක් ඔබතුමන් වෙත ව්‍යවස්ථානුකුල බලයක් ඇති බව ය.

 කැෆේ මත දෙකටම නැහැ :

 කැෆේ සංවිධානය මෙම මත දෙකින් එකකට හෝ පක්ෂ නොවන අතර විපක්ෂ වන්නේ ද නැත.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන අර්ථ දැක්වීමක් සාමාන්‍ය පුරවැසියෙකුට හෝ සංවිධානයකට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා ගත නොහැකිවේ. ඒ සදහා බලය ඇත්තේ, ගරු ජනාධිපතිපතිවරයා ලෙස ඔබතුමන්ට ම පමණී.

ඔබතුමාගේ ධූර කාලය වසර 5 ක් ද, නැතිනම් වසර 6 ක් ද යන්න පිළිබද ඔබතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අතර එය ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ව්‍යවහාරයකි.

ඔබතුමන් දන්නා පරිදි කැෆේ සංවිධානය එහි මැදිහත්කරුවෙකු ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළෙමු. එහි දී, අප ඉදිරිපත් කළ මතය ජයග්‍ර‍හණය කරනු ලැබූ අතර, ඒ සදහා අවස්ථාව ලැබුණේ ඔබතුමන් ගත් ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගය නිසාය.

 ව්‍යවස්ථානුකුල, නීත්‍යානුකුල තීරණයකට අවස්ථාව :

 එලෙසින්ම, වත්මන් පාර්ලිමේන්තුව හදිසියේ විසිරුවා හැරීමට ඔබතුමන් අදහස් කරන්නේ නම්, එයට පෙර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා කටයුතු කරන ලෙස ඉතා කරුණිකව ඉල්ලමි.

එසේ කිරීමේ දී, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබද පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ හැකි වන අතර, ව්‍යවස්ථානුකුල, නීත්‍යානුකුල තීරණයක් ලබා ගැනීම සදහා අවස්ථාව හිමිවන බව ද, ඉතා කාරුණිකව සිහිපත් කරමි.

ජනාධිපතිතුමනි, පළාත් පාලන ඡන්ද විමසීම වසර දෙකකට වැඩි කාලයක් ප්‍ර‍මාද වූ අතර, ඔබතුමාත්, අග්‍රාමාත්‍යවරයාත්, කථානායකවරයාත් සිදු කළ ව්‍යවස්ථා විරෝධී යැයි අප හදුණාගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම මේ වන විට මාස 14 කින් ප්‍ර‍මාද වී ඇත.

දින කිහිපයක් තුල, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම සදහා ඔබතුමන් වෙත බලය ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් කිසිදු පාර්ශවයකට අගතියක් සිදු නොවන අතර, ඡන්දය කල් යාමක් ද සිදු නොවන බව ඉතා කාරුණිකව සදහන් කරමි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top