nsb
Sathosa

Nov 09, 2018

ශ්‍රීලනිපය රකින්න අමරවීර හා දුමින්ද අරගලයක ! Featured

මෛත්‍රී - මහින්ද හවුල් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්විය හැකි අවාසිදායක තත්වය මගහරවා ගැනීම සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලවත් උත්සහයක් දරමින් සිටිති.

ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටු පක්ෂයේ ඇතැමුන් ගෙන් පසුගිය දින කිහිපයේ හි ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට හා ආසන සංවිධායකයින්ට එල්ලවී ඇති කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ඇතුළු එම පක්ෂයේ මැති ඇමතිවරුන් 20කට වැඩි පිරිසක් ඊයේ (08) රාත්‍රී අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග දීර්ඝ වෙලාවක් සාකච්ජා කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ 'පොහොට්ටුව' ලකුණින් බවටත්, වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවටත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී බලවත් සේ විරෝධය පළකර ඇත.

එම අවස්ථාවේදී පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එම ස්ථානයට කැඳවා ඇති මහින්ද රාජපක්ෂ මහතා, පසුගියදා නීතීඥ සාගර කාරියවසම් මහතා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව ගන්නැයි ඉල්ලා ඇත.

කෙසේවුවද මින් ඉදිරියට එවැනි තත්වයක් ඇති නොවීමට වගබලා ගන්න බවට පොරොන්දු වී ඇති බැසිල් රාජපක්ෂ මහතා, 14 වෙනිදායින් පසු එවැනි පක්ෂ දෙකෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා මාර්ගයෙන් තීන්දු තීරණ ගැනීමට එකඟත්ව පළකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top