Nov 11, 2018

 ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මිලානෝහි උද්ඝෝෂණයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් “ මිලානෝ  ශ්‍රී ලාංකිකයන්ගේ හඬ”  විසින් අද (11)  මිලානෝ ප්‍රධාන දුම්රිය පොළ ඉදිරිපිටදී මහා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.
 
මෙම උද්ඝෝෂණය මිලානෝ වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිත බව එහි සංවිධායකයකු srilankamirror.com සමග කියා සිටියේය.
 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි,  මහාචාර්ය සරත් විජේසූරිය මහතා හා පුරවැසි බලය කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ලංකාවේ සිට උද්ඝෝෂණයට සහභාගි වන පිරිස ඇමතීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top