Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 03, 2017

අවදානම් තත්ත්වයක් : දිනේෂ් ජනපතිට ලියයි

හම්බන්තොට වරාය ගිවිසුමේ මෙරටට ජාතික හා ආර්ථික වශයෙන් ඇති විය හැකි බැරෑරුම් හා අවදානම් තත්ත්වය ගැන දන්වමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (02 වැනිදා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක්‌ යොමුකර ඇත.

කරුණු දහයක්‌ ඇතුළත් එම ලිපිය මගින් එම ගිවිසුමෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය විස්‌තර කර ඇත.

මෙම ලිපියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්‌කාර, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්‌වැල්ල, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් අත්සන් කර ඇත.


අදාළ ලිපිය පහතින් දැක්වේ.

letter

කැබිනට් අනුමැතියක් නැහැ :


මේ අතර ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ,  මෙම වරාය විකිණීමේ ක්‍රියාවලියට අදාළව ඇති ගිවිසුමේ කොන්දේසි පිළිබඳව පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර නොමැති බවත්, ඒ සඳහා අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ය.

හම්බන්තොට වරාය විකිණීමේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

ඒකාබද්ධය විපක්ෂය හා සමාජවාදී ජනතා පෙරමුණ වෙනුවෙන් මෙම පෙත්සම ගොණු කර ඇති බව ඒ මහතා කියා සිටියේය.


සබැඳි පුවත්

'මේ වසරේ විශාල දේශපාලන කම්පනයන්' -වාසු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top