photographic 2
''පොළොන්නරුවේ 50%ක් ජනතාව පොහොට්ටුවට කැමැතියි. පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැහැ'' -රොෂාන් රණසිංහ ''පොළොන්නරුවේ 50%ක් ජනතාව පොහොට්ටුවට කැමැතියි. පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැහැ'' -රොෂාන් රණසිංහ
Nov 13, 2018

පොහොට්ටුවේ රොෂාන් ජනාධිපති සමග 'ගේම' ඉල්ලයි ! Featured

මෙවර මහ මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක වන චතුරිකා සිරිසේන මහත්මිය මෛත්‍රී - මහින්ද සන්ධානය යටතේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය රාවයත් සමග, පොළොන්නරු දිස්ත්‍රීක්කයේ පොහොට්ටු පක්ෂයේ නායක, ඒකාබද්ධයේ හිටපු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා බලවත්සේ කලබලයට පත්ව සිටින බව 'පොහොට්ටුවේ' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

''පොළොන්නරුවේ 50%ක් ජනතාව පොහොට්ටුවට කැමැතියි. පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැහැ'' යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පොළොන්නරු දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා අවධාරණය කර සිටියි.

දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව අමතමින් දිඹුලාගල නාමල් පොකුණ විහාරස්ථානයේ පැවැති ජන හමුවකදී රොෂාන් රණසිංහ මහතා එබව කියා සිටියේය.

''විධායක ජනාධිපතිතුමා සමඟ එතුමාගේ ආසනය තුළ මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ නායකයෙක් කරන්න මම සටන් කරපු බව මුළු ලංකාවම දන්නවා. එම නිසා පොහොට්ටුවෙන් ජයග්‍රහණය කරලා පොළොන්නරුවෙන් අංක 01 බවට පත් වෙනවා.'' යයි ද රොෂාන් රණසිංහ මහතා එහිදී පැවසිය.

එහිදී රොෂාන් රණසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

MahindaR 670px 20 02 18''මහින්ද මහත්තයා පස්ස දොරෙන් අගමැතිකම ගත්තට මම විරුද්ධයි'''' අපට අවශ්‍යව තිබුණේ ඡන්දයකින් දිනල මහින්ද රාජපක්ෂ මහතා ගෞරවනීය විදියට ඉස්සරහ ‍ෙදාරෙන් අගමැති වෙනවා දකින්න. ඒක මගේ හිතේ තිබුණ ලොකු ආශාවක්. මේ විදියට අගමැතිකම ගත්ත එකට සදාචාරාත්මකවත් මම කැමැති නැහැ.

මහින්ද රාජපක්ෂ මහතා බහුතරයක් සමඟ පිටුපස ‍ෙදාරෙන් අගමැතිකම ගත්ත එකට සදාචාරාත්මකව මම කැමැති නැහැ. 75%ක ජන බලයක් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ජන නායකයා කරන්න තමයි පොළොන්නරුවේ ජනතාව සමඟ මම විධායක ජනාධිපතිතුමාට විරුද්ධව සටනක් කළේ.

 ''මහවැලි කැබිනට් ඇමැතිකම මට ඕන''

 මහවැලි සංවර්ධන ඇමැතිකම ජනාධිපතිතුමා ළඟ තියාගෙන ජනතාවට වැඩ කරනවා වාගේම පොළොන්නරුවේ අහිංසක ජනතාවට සේවය කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක මහවැලි සංවර්ධන කැබිනට් ඇමැතිකම මට අවශ්‍ය බව නොබියව ප්‍රකාශ කරනවා.'' යයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top