Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 03, 2017

ලොතරැයිය 30 කලේ ජනතාව දිනවන්නලු Featured

ලොතරැයි මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන්  බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ලොතරැයියක මිල රු.20/- සිට රු.30/- දක්වා ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කර ඇත.

පෙර පැවැති පාලනය යටතේ ජයග්‍රහණ සඳහා වෙන් කෙරුණු මුදල් විවිධ දූෂණ ක්‍රියාවන් සඳහා යෙදවූ බව හෙතෙම කියා සිටියේය.

අදාළ විරෝධතාකරුවන් කිසිවකුත් මෙතෙක් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාගෙන් සාකච්ඡාවක් හෝ ඉල්ලා නැතැයි පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ මෙම විරෝධතා පසුපස දේශපාලන හස්ථයක් ක්‍රියාත්මක බවයි.

කිසියම් පාර්ශ්වයක් ලොතරැයි අලෙවිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අලෙවි කටයුතු සිදු කරගෙන යාමට විශාල තරුණ පිරිසක් සූදානමින් සිටින බවද හෙතෙම පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩයක් අලෙවි කිරීම වෙනුවෙන් ලැබෙන වැඩිම කොමිස් මුදල ලබා ගන්නා ලොතරැයි අලෙවි නියෝජිතයන් මෙවැනි ක්‍රියාවන්හි නිරතවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top