Nov 15, 2018

UNP - FB එකේ ඇඩ්මින්ලා බ්ලොක් කරලා !

එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවට පත්කර සිටි ඇඩ්මින්වරුන්ට කිසිවක් පල කළ නොහැකි ආකාරයට ඔවුන්ව අවහිර කර ඇති බව එම පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ පල කර තිබේ.

අදාළ, තත්ත්වය හේතුවෙන් අද (14) සිද්ධීන් සම්බන්ධයෙන් සජීව විකාශ United National Party ෆේස්බුක් පිටුව හරහා සිදු කළ නොහැකි වනු ඇතැයි ද එහි සඳහන් වේ.

United National Party පිටුවට තුන්ලක්ෂ පහලොස් දහසකට වඩා වැඩි likes ප්‍රමාණයක් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් පණිවුඩය පහත දැක්වේ.


මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top