Sathosa

Nov 15, 2018

''ඔබගේ ගෞරවය සිඝ්‍රයෙන් ගිලිහෙමින් පවතිනවා'' : කතානායක ජනපතිට ලියා දන්වයි

ඔක්තෝම්බර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගයන් හේතුවෙන් රට දැඩි අස්ථාවරභාවයකට පත් වෙමින් පවතින බවත් දිගුකාලින දේශපාලන දිවිය තුලින් ජනාධිපතිවරයා පෞද්ගලිකව උපයාගත් ගෞරවයද අද සිඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කතානායක කරු ජයසුරිය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දන්වා ඇත.

මෙහිදී කතානායකවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ දැනට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර අනවශ්‍ය ගැටුමක් මේ බන විට නිර්මාණය වී ඇති බවයි.

ආර්ථිකය, ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම සහ අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව ලබා තිබු කිර්තිනාමයද මේ හේතුවෙන් දැඩි හානියකට ලක්ව ඇති බව කතානායකවරයා සිය ලිපියේ සදහන් කර ඇත.

ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම:

තමන්ට කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම මතක් කරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙහිදී තමන් ස්තුතිවන්ත බන බවත් මන්ත්‍රිවරුන් 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම පක්ෂග්‍රාහීවීමක් නොවන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදිව බහුතරයට කන්දීමක් බවත් මෙහිදී කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ සමග 2015 වසරේ තමන් කතානායකවරයා ලෙස තමන් තෝරා පත්කර ගැනීමෙන් පසු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානය වන සිරිකොතට හෝ පය නොතැබූ බවත් පක්ෂයේ කිසිදු දේකට සහභාගී නොවූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කතානායකවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා යවා ඇත.

Spe 1

Spe 2

spe 3

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top