Nov 15, 2018

දියවන්නාවේ චණ්ඩි : මීළඟ සැරේ යවනවද? : තීරණය ඔබේ (වීඩියෝ)

UPdate - අද (15) පැවැති තීරණාත්මක පාර්ලිමේන්තු සැසියේදී කළහකාරී ලෙස හැසුරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි පිළිකුලක් ඇතිව තිබේ.

මෙසේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ ප්‍රසන්න රණවීර, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, රංජිත් සොයිසා හා දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ය.

මේ අතර පාලිත තෙවරප්පෙරුමද කමිසය උස්සා බඩ පෙන්වීම නිසා හා පුංචි පිහි කෑල්ලක් (Dinner knife) රැගෙන කලහකාරී ලෙස හැසිරීම හාස්‍යට ලක්විය.

Tewarapperuma

(ඡායාරූපය - රිවිර)

 උත්තරීතර පාර්ලිමේන්තුවේ කථානායක අසුනට වතුර බෝතලයක් හලණු ලැබුවේ ප්‍රසන්න රණවිර විසිනි. එසෙම නවින් දිසානායක මහතාගේ කොළරයෙන් අල්ලාගෙන ගැටුමකට මුලපිරුවේද ඔහු විසිනි. ඔහු පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු අවස්ථාව මෙය වේ.

 වයස අවුරුදු 78ක් වූ කථානායකවරයාට කුණු කූඩයෙන් පහර ගැසුවේ රංජිත් සොයිසාය.

 

 කථානායකගේ මයික්‍රෆෝනය කඩා දමමින් අත කපා ගත්තේ දිලුම් අමුණුගමය.

ප්‍රසන්න කථානායකගේ පුටුවට වතුර හැලීමෙන් පසුව කථානායකට සුළුදිය පහවූ බව කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජායාරූප ගැනීමට උනන්දු කළ අතරම මන්ත්‍රීවරුන් ගැටුමට උසි ගැන්වූයේ මහින්දානන්ද අලුත්ගමගේ බව පාර්ලිමෙන්තුවෙන් වාර්තා වේ.

 හිටපු ජනපති මහින්ද සමග කතා බස් කිරීමට ගිය චම්පික රණවක ඇද දමා කුළෙකු ලෙස හසුරුණේ ලොහාන් රත්වත්තේය.

 මේ ගැටුමේ වරද තමන් පිට පටවාගත් ජනතාවද සමාජ මාධ්‍ය තුළ සටහන් තබා තිබේ. ඒ ඔවුන් ඇතැමුන් පාර්ලිමේන්තුවට යැවීමට මනාපයක් ලකුණු කළ නිසාය.

කෙසේවුවද, ඒවාට වැටුණු කොමෙන්ටු වල සටහන්ව ඇත්තේ තවත් මහ මැතිවරණයක් ළඟ එනබැවින් එවැනි අය පත් කළ නොහැරියේනම් අද වූ සිත් රිඳුම නොවෙන බවයි.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top