Nov 15, 2018

ජනාධිපතිවරණයක් පවත්වන්න - චම්පික ගෙන් ජනපතිට අභියෝගයක් ! Featured

හැකිනම් වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අභියෝග කර සිටියි.

අද (15) පස්වරුවේ ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයට එක්වී ජනතාව අමතමින් ඔහු එම අභියෝගය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, ඔහුගේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව ඉදිරිපත් වුවද 2015 වසරේදී එක්වූ සියළු බලවේග එක්වී ඔවුන් දෙදෙනාම එකට තබා පරාජය කර බව ඔහු සඳහන් කළේය.

අද (15) සවස 5.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් අතර හමුවක් සිදුවීමට නියමිත බව ද පාඨලී චම්පික රණවක සදහන් කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top