පාර්ලිමේන්තුවේ අද (15) දහවල් පැවැති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කෙළ්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.
"වර්තමානය වන විට රටම අස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා. රටේ සංචාරක ව්‍යාපාරය බිද වැටිලා. නිලධාරින් තින්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ නැහැ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඖෂධ හිගයක් මතුව ඇති බවයි. පිළිකා රෝගීන්ට ඖෂධ හිග වී තිබෙනවා. රටම අරාජික තත්ත්වයකට පත්වෙලා.
එක් පුද්ගලෙයකුගේ තනි තීන්දුවක් නිසා :
එක් පුද්ගලෙයකුගේ තනි තීන්දුවක් මත ක්‍රියාත්මක වීම නිසා තමයි මෙම අර්බුදය ඇතිව තිබෙන්නේ. එක් වැරැද්දක් වහගන්න තවත් වැරදි රැසක් සිදු කරනවා. පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට ඊයෙත් (14) සහ අදත් (15) කටයුතු කළා.
ඔබේ පෞද්ගලික වෛරයක් නිසා රටම අනාතයි …. (සමාජ මධ්‍යයෙහි සංසරණය වන පොස්ටුවක්..)
අද දින පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුනා. ඒහිදී විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ හිටපු කථා නායකවරයෙකු වන චමල් රාජපක්ෂ මහතා පැවැසුවේ මෙම තත්ත්වය තුල මන්ත්‍රීවරුන්ගේ ගෞරවය විනාශ වී ඇති බවයි. සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්ණය විසදාගත යුතු බව ඔවුන් යෝජනා කළා.
ජනාධිපතිවරයා, කථා නායකවරයා, රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමක් සාකච්ඡා කළ යුතු බවයි මෙහිදී යෝජනා වුනේ.
මමත් අවුරුදු 24 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මෙලෙස පාර්ලිමේන්තුව රට අස්ථාවර කළ කාල පරිච්ඡේදයක් මිට පෙර තිබුනේ නැහැ.
''හීනෙකින්වත් හිතුවේ නැහැ මෙවැනි තත්ත්වයක්''
ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ නොමැති බලතල භාවිත කරනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් තමයි ජනාධිපතිවරයා බලයට පත් වුනේ. ඒතුමා බලයට පත් කිරීමට මමත්, චමිපික රණවක මහතාත් විශාල කාර්යභාරයක් ඉටු කළා. අපි දෙන්නාම මෙම සිද්ධි දෙස කණගාටුවෙන් බලා සිටිනවා.
මම හීනෙකින්වත් හිතුවේ නැහැ මෙවැනි තත්ත්වයක් උදාවෙයි කියලා. ජනාධිපතිවරයා විනාශ කිරීමට සිටි පුද්ගලයින් සමග ඔහු අද ගමනක් යනවා. මෙය දේශපාලන ඛේදවාචකයක්. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සදහා ආරම්භ කළ ජන සටන ඉදිරියටම ගෙන යනවා."
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චමිපික රණවක, චතුර සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, යන මහත්ම මහත්මීන් ද ඒක්ව සිටියහ.