එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා ජන රැළියකට අද (15) පස්වරුවේ ලිප්ටන් වටරවුමේ දී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
''ඉදිරි කාලයේ දී ඔබලා යළිත් කොළඹට කැදවන්න පුළුවන්. ඒ රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ කාර්යාල වැටලීමට. ආරක්ෂක බලඇණි යොදවා තිබුනත් ඒවා කඩා බිද දමා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරිමට අපි කැප වෙනවා.
එක්සත් ජාතික පක්ෂ රජයක් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්රාමාත්යධූරය දරන රජයක් බිහි කිරිමට කැප වෙනවා. එය ඒකාන්ත ජයග්‍රහණයක් කරා ගෙන යනවා.
ජනතා බලය මත ජනාධිපතිවරයා පරාජය කරමින් මේ සටන ජයගන්නවා. ජනාධිපතිවරයාට බලතල ලබාදුන්නෙත් අපි. බලතල යළි ලබා ගන්නෙත් අපි. මෙම සටනේ අවසානය දක්වා එක්වන ලෙස මම ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.'' යයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.
පුස් වෙඩිල්ලක් !
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.
'' අද දින කොළඹට මෙම ජනකාය පැමිණියේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින්. ජනාධිපතිවරයාට, මහින්ද රාජපක්ෂ මහතාට ජනතා විරෝධය හොදට පෙනෙනවා ඇති. ජන අරගලය දිනෙන් දින ජයග්‍රහණය කරා ගෙන යනවා.
ජනාධිපතිවරයාගේ පළමු වෙඩිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුස් වෙඩිල්ලක් බවට පත් කළා. දෙවන වෙඩිල්ල පාර්ලිමේන්තුවේ දී පුස් වෙඩිල්ලක් බවට පත් කළා. අපි මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සහ ව්‍යවස්ථාදායකය ජයගෙන තිබෙනවා.
මෙම සතිය අවසන් වන විට විධායකයත් ජයගෙන සටන ජයග්‍රහණය කරා ගෙන යනවා. ප්රජාතන්ත්රවාදී අරගලය ජයග්‍රහණය කිරිම සදහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් එකතු වී සිටිනවා. එම නිසා ජනතාව අවදියෙන් සිටිය යුතුයි. ''