Sathosa

Nov 15, 2018

"නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්න" - ජනාධිපති

තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව වාර්තාවේ.

බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ට පවසා තිබේ.

නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් අනාවරණය වේ.

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් පත් කළ අග්‍රාමාත්‍යවරයා පිළිනොගන්නේ නම් තමන් ඒ අනුව කටයුතු කරන බව ඔහු පැමිණ සිටි පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව බොහෝ විට සිකුරාදා (නොවැ. 16) තවත් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

(බීබීසී සිංහල සේවය)

Leaders Parties 001

Leaders Parties 002

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top