Nov 16, 2018

මගේ අතේ තිබුණේ කොළුවා කඩපු මයික් එකේ කෑල්ලක් - තෙවරප්පෙරුම (හඬපටය)

පාර්ලිමේන්තු සභා ගර්භය තුල ඊයේ (15) ගැටුම්කාරී තත්වය ඇතිවූ අවස්ථාවේදී තමා පිහියක් තබාගෙන සිටි බවට එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටී.

පාර්ලිමේන්තුව තුල ඇතිවූ උණුසුම්කාරී තත්වයේදී තමා ඇතුළු පිරිසක් ගොස් කථානායකවරයා ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත්, ඒ අවස්ථාවේදී කොළුවෙක් අත දමා කථානාකවරයාගේ මයික්‍රෆෝනය කැඩූ බවත්, තමා අතේ තිබුණේ එසේ කැඩූ මයික්‍රෆෝනයේ කෑල්ලක් බවත්, තෙවරප්පෙරුම මහතා කියයි.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top