Nov 16, 2018

ස්තූතියි කථානායකතුමනි !

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ජීවිතය පවා අවදානමකට ලක් කිරීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

 


'පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා' - කථානායක

 කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top