Nov 16, 2018

''විශ්වාස භංගය පිළිගන්න බැහැ'' - ජනාධිපති කියලා ! Featured

අද දිනයේ විශ්වාස භංගය සම්මත කරගත් ආකාරය ගැන තමාට කිසිඳු ලෙසකින් සැහීමකට පත්විය නොහැකිබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප මන්ත්‍රීවරයකුට ප්‍රකාශකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තමාගේ ඉල්ලීම මත මිට පෙර ඉදිරිපත්කල විශ්වාස භංගයේ පළමු වගන්තිය ඉවත්කර තිබුන ද එය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යටතේ විදිමත් ආකාරයෙන් සම්මත කර නොමැති බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයවී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

එසේම, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට සහය පල කරමින් මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසකගේ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කලද ඔහුට අගමැති ධුරය නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ද පැවසේ.

KaruJ 670px 18 02 13කෙසේවුවද කතානායක කරු ජයසුරිය මහතා අද (16) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් කරමින් පවසා ඇත්තේ, ජනපතිවරයා ඊයේ රාත්‍රී පක්ෂ නායකයින්ට හා තමාට යෝජනා කල පරිදි අද දිනයේ පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගය ඉදිරිපත් කර සම්මතකර ගත් බවයි.

බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ඊයේ පැවති පක්ෂ නායක හමුවීමේදී පවසා තිබිණ.

අගමැතිවරයාට එරෙහිව නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණ.

 PHOTO 2018 11 16 17 58 22

කතානායකවරයා අද සිය මතය ප්‍රකාශකල ආකාරය.



මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top