Sathosa

Nov 16, 2018

'අර්බුදය විසදන්න ජනාධිපතිවරණයක් කැඳවන්න'

රට තුළ ඇති වි තිබෙන දේශපාලන අර්බුදය විසදිම සදහා ඉක්මණින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

ඔහු සදහන් කර සිටියේ 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහු ඇතුළු බස් සංගමය ජිවිත පරදුවට තබා ප්‍රබල සහගෝගයක් ලබා දුන් බවත් එම නිසා රටේ ඇති වි තිබෙන තත්වයට පිළිබදව සෘජු ප්‍රකාශයක් කිරිමට මා හට අයිතියක් තිබෙන බවත්ය.

එ අනුව වැලලිගිය ප්‍රජාතන්ත්‍රවාදය ,එකාධිපතිවාදය හා ප්‍රචන්ඩත්වය අහෝසි කර, රටට යහපාලනය ගෙන එම වෙනුවෙන් ඔවුන් සහයෝගය ලබා දුන් බව ඔහු සදහන් කර තිබේ.

ජනාධිපතිවරයාගෙන් තමන් කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු නෙවු බවත් ඉල්ලා සිටියේ දුෂිත වු ශ්‍රී ලංකාව හා අප කර්මාන්තය බේරා දෙන ලෙස බව ඔහු සදහන් කළේය.

නමුත් වසර අවු 3 පුරාවට පෞද්ගලික බස් කර්මාන්තයට සෙතක් සැලසුනු නොවුනු බවත් ,ජනාධිපතිවරයාගේ යටතේ සිටි ප්‍රවාහන අමාත්‍යවරයා අප කර්මාන්තය සංවර්ධනය නොකල බවත් ඔහු සදහන් කළේය.

වර්තමානයේ ඇති වි ඇති දේශපාලන අර්බුද වලට වගකිම ගත යුත්තේ ජනාධිපතිවරයාය. එනම් පොදු අපේක්ෂකත්වයකරපින්නා විත් අපවද මුලාකර ඔහුගේ පැරණි දේශපාලන පක්ෂය කරපින්නා ගත් බවත් ඔහු සදහකන් කර සිටියේය.

එම නිසා 2019 ජනවාරි 8 වෙනිදා වහාම ජනාධිපතිවරයක් පවත්වන ලෙස ඔහු සදහන් කළේය. එය සියලු පක්ෂ නියෝජනය කරන භාරකාර ආණ්ඩුවක් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top