Sathosa

Nov 17, 2018

''එජාපය සමග කතා කරන්නේ 'වැඩේ' හරියට කලොත් විතරයි'' - ජනාධිපති කොන්දේසි පනවයි

මින් ඉදිරියට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ජා කරන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස සිදුකරන්නේ නම් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසිය.

මේවනවිට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සහය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසක් විසින් ලබාදී ඇති දිව්රුම් ප්‍රකාශ බාරදීමට හා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම සඳහා වෙලාවක් ලබාදෙන්නැයි එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබිණ.

කෙසේවුවද ජනාධිපතිවරයා පවසන්නේ, අගමැති ධුරයෙන් පහකරන ලද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ 113 කට වැඩි බහුතර බලයක් ඇතයි සහතික කලත් තමා ජනාධිපති ධුරයේ සිටින තෙක් ඔහුට යළි අගමැති ධුරය ලබා නොදෙන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top