Nov 18, 2018

බර නඩු කළ CIDයේ නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අති දක්ෂ නිලධාරියකු ලෙස සැලැකෙන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වාහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද, මාධ්‍යවේදීන්වන කීත් නොයාර්ට, උපාලි තෙන්නකොන් හා නාමල් පෙරේරට පහරදීමේ සිද්ධි හා ලසන්ත වික්‍රමතුංග ඝාතන ය වැනි ප්‍රධාන සිද්ධීන්වල පරීක්ෂණ පවත්වනු ලබන්නේ ඒ මහතා විසිනි.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන නාවික හමුදාවේ හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට අධිකරණය මගහරිමින් සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ කරුණු වාර්තා කරනු ලැබුවේද නිශාන්ත විසිනි.

ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ යාපනයේ දූෂණය කර මරා දැමුණු විද්‍යා සිසුවියගේ සිද්ධියට සම්බන්ධ සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම හා අදාළ නඩු කටයුත්තට අවශ්‍ය සියලු සාක්ෂි ඒකරාශී කිරීම නිසාය.

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top