Sathosa

Nov 18, 2018

''ස්ථාවර නියෝගය කාලෝචිත නැහැ - අයෙත් ඡන්ද ගණනය කරන්න'' - ජනාධිපති

රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබදව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සදහන්ව තිබුණත් මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද කියා සිටියි.

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැදවූ සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපතිවරයා එම කාරනා සඳහන් කර තිබේ. 

ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට:

අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ජාව පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලි ලෙස පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලූ දෙනා එකගතාවයක් ඇතිකරගනු ලැබූ බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලූ පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිවරයාට දන්වා තිබූ අතර, ජනාධිපති විසින් ඒ බව සභාවට ප්‍රකාශ කර ඇත.
PHOTO 2018 11 18 20 58 24

All Party Meeting

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top