Sathosa

Nov 19, 2018

''අගමැතිකම අත්හරින්නේ නැහැ, අපි ඉල්ලන්නේ ඡන්දයක්‌''- මහින්ද කියයි

ජනාධිපතිවරයා තමන්ට ආණ්ඩුව බාර දුන්නේ ව්‍යවස්ථාවට අනුකුලව බවත්, කිසිඳු ලෙසකින් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු එසේ පැවැසුවේ වීරකැටිය කසාගල රජමහා විහාරස්‌ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමිනි.

''ජනාධිපතිතුමා අපිට රට භාර දුන්නේ ව්‍යවස්‌ථාවට අනුවයි. අපි ආණ්‌ඩුව ඉදිරියට ගෙන යමින් සාධාරණය ඉෂ්ට කරනවා. අපි ඉල්ලන්නේ ඡන්දයක්‌. '' ඒ සටන නවත්වන්නේ නැතැයිද අගමැතිවරයා එහිදී පැවැසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''පාර්ලිමේන්තුවේ කලබල හෙළා දකිනවා''

''පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ කරපු කලබල අපි අනුමත කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව නොසන්සුන් කළා. මේවා සියල්ලටම කථානායකවරයා වගකිව යුතුයි. ඔහුටයි පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්‍ෂා කිරීමේ බලය ඇත්තේ. අපි මේවා හෙළා දකිනවා.

විශ්වාසභංග යෝජනාව එවෙලෙම ගෙනල්ලා තමයි මෙවැන්නක්‌ සිදුවුණේ. මේවායින් අපිව බය කරන්න බැහැ.

මේ වන විට රටම අස්‌ථාවර කරලා. ඒ වගකීම කරු ජයසූරිය මහතා භාරගත යුතුයි. රටම බලා හිටියා අපේ පාර්ලිමේන්තුවේ සිදුවූ දේවල්. ලෝකයේ කිසිම රටක මෙවැන්නක්‌ සිදුවී නැහැ.

අපි නියමානුකූලව රට ඉදිරියට ගෙන යනවා. ජනතාව අපේ හඬට කන් දෙනවා. එදා සිදුවූ දේ ගැන පැමිණිලි කළා. තවමත් විභාගයක්‌ නැහැ. මන්ත්‍රීවරු එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ මැරුණනම් මොකක්‌ද ඇතිවන තත්ත්වය? ''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top