Nov 20, 2018

IP නිශාන්ත LTTE යට සම්බන්ධ බවට වන චෝදනාව CID ලොක්කා ප්‍රතික්ෂේප කරලා ! Featured

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවට එල්ලවී ඇති චෝදනා අසත්‍ය පදනම් විරහිත අභූත චෝදනාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නිශාන්ත මහතා එල්ටීටීඊය සමග කටයුතු කරන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් තමා වෙත ලැබී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර් ඩී ගුණරත්න මහතා, ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද පසුව දුරකතනයෙන් ද පොලිස්පතිවරයා අමතමින් පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා එල්ටීටීඊයට සම්බන්ධ නිලධාරියෙකු ලෙස හංවඩු ගසා ඇත්තේ නිශාන්ත මහතා පුද්ගල පැහැරගැනීම් හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි හිටපු නාවික හමුදා ලුතිනන්වරයකු වන ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නැමැත්තාට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම නිසා යැයි ද අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයාට දන්වා තිබේ.

එසෙම දැනට අවස්ථා කිහිපයකදීම අධිකරණය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර් ඩී ගුණරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති බවත්, එසේම ඔහුට අදාළ නිලය දැරීමට සුදුසුකමක් නැති බවට දන්වන ලද ලිපියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පතිවරයාට යවා ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top