කොළඹ ඊයේ (19) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම මෙම තත්ත්වය පවතින බවත් දියවැඩියාව ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් ආක්‍රමණය කර ගන්නා බවත්, ඒ අතර ඇස්වලට මෙහි දැඩි බලපෑමක් ඇති බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහිදී පැවසීය.
දියවැඩියා තත්ත්වය මැන බැලීම සඳහා ඇසේ තත්ත්වය හොඳ ද නරක ද කියන දේ මැන බැලීමක් සිදු කරන බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මේ හේතුව නිසා වැඩි වශයෙන් ඇස් පරීක්ෂා කරමින් ඇසේ සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම දියවැඩියා රෝගීන් වැඩි වශයෙන් සිදු කළ යුතු බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.