Sathosa

Nov 22, 2018

"වසන්ත යළි UNP යට එපා" Featured

වරින් වර දේශපාලන ස්ථාවරය වෙනස් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයට අනවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියයි.

සිය නිල ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිව්රුම් පෙත්සම් ලබාදීමට පවා වසන්ත සේනානායක මහතා කටයුතු නොකළ බවයි.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීම සදහා ඇවිටිලි කිරීමෙන් වලකින ලෙසද හර්ෂ ද සිල්වා මහතා සේනානායක මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත.

ඊයේ (21) පැවැති කැබිනට් රැස්වීමට සේනානායක මහතා සහභාගිවූ බවත්, ඔහු එය අවසන්වීමට පෙර ඉන් පිටව ගිය බව උදය ගම්මන්පිල මහතා මාධ්‍යට පවසා තිබිණි.


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top