Nov 25, 2018

'බුද්ධි අංශ හැදූ ව්‍යාජ LTTEය පාවාදීලා' - විමල් Featured

යුධ හමුදා බුද්ධි අංශය විසින් උතුරේ ක්‍රියාකාරී තරුණ තරුණියන් සෙවීම සඳහා දියත් කළ මෙහෙයුමක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් පාවාදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

මන්ත්‍රීවරයා එබව පැවසුවේ මහ මැතිවරණයක් ඉල්ලා අත්සන් දස ලක්ෂකය පෙත්සමක් ගැනීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (24) එක් වෙමිනි.

පසුගිය වසර තුනහමාර තුළ නැවත එල්.ටී.ටී.ඊ. නැගිටීමක් පිළිබඳව යුධ හමුදා බුද්ධි අංශය සොයාගත් බවත් දැන් එය හෙළිදරව් වී ඇති නිසා තමන් මෙම කරුණු සඳහන් කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.

යුධ හමුදා බුද්ධි අංශය විසින් පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යොදවා ව්‍යාජ එල්.ටී.ටී.ඊ. සංවිධානයක් සෑදූ බවත් ඒ හරහා නැවත එල්.ටී.ටී.ඊ.ය බිහි කිරීමට වුවමනාව ඇති කණ්ඩායමක් සහ ඔවුන්ට ඩයස්පෝරාව සමග ඇති සම්බන්ධතාවය හඳුනාගත් බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

යුධ හමුදා බුද්ධි අංශයට පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ බලය නොමැති නිසා ආරක්ෂක මණ්ඩලයට මේ තොරතුරු ඉදිරිපත් කර ඒවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු DIG නාලක සිල්වා මහතාට ලබාදුන් බවත් එසේ ලබාදී සතියක් යාමට මත්තෙන් ඒ තොරතුරු මාධ්‍යවල පළ වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

(මුලාශ්‍රය - ලංකා නිව්ස් වෙබ්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top