Sathosa

Nov 25, 2018

''ජනපතිගේ බලහත්කාරයට බලහත්කාරයෙන් පිළිතුරු දිය යුතුයි'' - බාහු (වීඩියෝ) Featured

ජාතිවාදී සහ ආගම්වාදී බලවේග වල ශක්තියෙන් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පෙනී සිටින්නේ බලහත්කාරයෙන් වන හෙයින් ඊට පිළිතුරු දිය යුත්තේද බලහත්කාරයෙන් බව වාමාංශික නායකයෙක් පවසයි.

“ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට අනතුරේ” මැයෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අබියස අඛණ්ඩ සත්‍යග්‍රහයට සහභාගි වූ නවසමසමාජ පක්ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඉවත් කරන ලද පුද්ගලයකු වන මහින්ද රාජපක්ෂ එතැනින් ඉවත් කිරීම සඳහා නීති මගින් ගතහැකි පියවර ගැන සැක පහල කරයි.

“ඒකට කරන්න තියෙන නීතිමය දේවල් බොහොම අඩුයි. බලහත්කාරයට බලහත්කාරයෙන්ම තමයි පිළිතුරු දෙන්න වෙන්නේ,” යි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනතාව ඒ සඳහා සුදානම් බවට විශ්වාසය පලකළ නසසප නායකයා මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට දැඩි පියවර නොගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රශ්න මතුවී ඇති බව පවසයි.

ජාතිවාදී ආගම්වාදී බලවේග වල ශක්තියෙන් බලයට පත්වී සිටින ෆැසිස්ට්වාදී බලවේග නොනවත්වා සටන් වැදී පරාජයට පත් නොකළොත් රට අගාධයකට ඇද වැටෙන බවට ඔහු අනතුරු ඇඟවීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීම සඳහා “රට රැවටිල්ලකට ඇදගෙන ගිය” තමන්ටත් අද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින භයානක තත්වය පිළිබඳ වගකීමක් ඇතැයි පසුතැවිලි වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඔහුට දොස් පැවරීම පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top