Nov 26, 2018

'ශ්‍රීලනිප නායකත්වය කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න' : ශ්‍රීලනිප සුරකීමේ සංවිධානය Featured

"හරියට කරන්න බැරි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පුළුවන් කෙනෙක්ට දෙන්නැ"යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය ඊයේ (25) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර ඊට එක් වූ කඩුවෙල හිටපු නගාරාධිපති ජී එච් බුද්ධදාස මහතා ශ්‍රීලනිප නායකයා වන ජනාධිපතිවරයා ගෙන් එම ඉල්ලීම කළේය. 

''අද ගම්වල නිදහස් පාක්ෂිකයෝ පොහොට්ටුවේ අය ලඟට ගියාම ගණන් ගන්නේ නැහැ. පුළුවන් කෙනෙක්ට දෙන්න කරගෙන යන්න බැරි නම්. පක්ෂයේ අවශ්‍ය තරම් නායකයෝ ඉන්නවා. මේ පක්ෂයට මහජන එක්සත් පෙරමුණට වුදේ වෙන්න ඉඩ දෙන්න එපා'' යැයි මෙහිදී නගරාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් සංවිධානය කළ මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිප ආසන සංවිධායකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියේය.

පොහොට්ටු පක්ෂයට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධයෙන් විනයානුකුල ක්‍රියාමාර්ගයක් ගෙන ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කල යුතු බවටත්, ඉදිරියේ පැවැත්වෙන කිසිඳු මැතිවරණයකදී 'පොහොට්ටු' පක්ෂය සමග සන්ධානගත නොවී යුතු බවටත් ඔවුන් මෙහිදී අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රීලනිප සංවිධායකයින් කිහිප දෙනෙකු මෙසේ අදහස් දැක්විය.

                                  

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top