Sathosa

Nov 26, 2018

''ජනාධිපතිතුමා රනිල් - මහින්ද වලේ දාලා එයත් වලේ වැටිලා'' - කුමාර වෙල්ගම Featured

මේ මොහොතේ වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 113ක බහුතර බලය පෙන්වීමට නොහැකි බවත් බහුතර බලයක් හිමි කණ්ඩායමට ආණ්ඩුව ලබාදිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඔහු එබව සඳහන් කලේ 'නෙත් නිවුස්' සමග විශේෂ සංවාදයකට එක්වෙමිනි.

ජනතාවට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් යටතේ රටට යහපතක් කිරීම බව එහිදී පැවසු කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, ''මේ මොහොතේ රට ගැන සිතා තීන්දුවක් ගැනීමට අවස්ථාව උදා වී ඇති බවත් ජනාධිපතිවරයා දැන් වහාම තීරණයක් ගත යුතු බවත් කියා සිටියේය.

හඬපටය 

''මේක ජනාධිපතිතුමා ඇති කරපු ප්‍රශ්නයක්''

'' මේක ජනාධිපතිතුමා ඇතිකරපු ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා දැන් හැඟී හොරා කටයුතු කරන්නේ නැතුව ප්‍රශ්නයට හරි විසඳුමක් දෙන්න ඕන.

ජනාධිපතිතුමා රනිල් මහත්තයව වලේ දැම්මා, මහින්ද මහත්තයව වලේ දැම්මා, දැන් එතුමත් වලේ වැටිලා. අපි දැන් පක්ෂ ගැන හිතන්නේ නැතුව රට ගැන ජනතාව ගැන හිතල තීන්දු ගන්න ඕන අවස්ථාවක්.

අපට මහ මැතිවරණයකට ගිහිල්ල මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. එකටත් අධිකරණයේ තීන්දුව දෙසැම්බර් 07 වෙනිදා එනකම් බලන් ඉන්න වෙනවා.

ව්‍යවස්ථාවේ තියන විදියට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් නැතුව මහ මැතිවරණයකට යන්න බැහැ . අපට එහෙම තුනෙන් දෙක ගන්න බැරිනම් 2020 මාර්තු වෙනකම් මේ විදියට පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න වෙනවා.

ඒ නිසා රට ගැන හිතල ජනතාව ගැන හිතල ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි එක අඩියක් පස්සට ගන්න ඕන කියන එකයි මගේ නම් අදහස''

හඬපටය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top