එම දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නැති කරන්නට නම් කළ යුත්තේ නිත්‍යානුකුල අගමැතිවරයා නැවත පත්කිරීම සඳහා ව්‍යාජ අගමැතිවරයා ඉල්ලා අස්වීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
තවද ජනාධිපතිවරයා ව්‍යවස්ථාවටත්, නීතියටත්, ගරුකොට කටයුතු කළ යුතු බවත් අවධරණය කල මන්ත්‍රීවරයා
තවදුරටත් මෙසේ කරුණු දැක්විය.
රට බේරාගන්ත 'වීරයාට' වෙච්ච ඇබැද්දිය !
''දැන් ජනාධිපතිවරයා නැවත වරක් අගමැතිවරයෙක් පත්කරන්නට කතා කරනවා. එතකොට එතුමා අලූතෙන් පත්කළ අගමැතිවරයාට මොකක්ද වෙන්නේ. මම හිතන්නේ දැන් එතුමා අස්කරලා කියලා ජනාධිපතිවරයා පිළිගන්නවා. එයා දැන් අගමැති ද ? නැද්ද ? කියලා ජනාධිපති කිව යුතුයි.
දැන් මහින්ද රාජපක්ෂගෙන් අහන්න තියෙන්නේ ඔබතුමා පත්කරලා තියෙද්දි දැන් ආයිත් වෙන කෙනෙක් පත් කරන්න හදනවා. ඔබතුමා මේක දන්නවද? මොකක්ද මේ විකාරේ මේ බල සූදුවට ගිහිල්ලා ඔබතුමාගේ මූන බිම ඇනිලයි තියෙන්නේ.
ඔබ රට බේරාගන්ත වීරයා කියලනේ හඳුන්වන්නේ. ඒ නිසා ඒ ගරුත්වය තියාගෙන රට හමුවේ තව තවත් හෑල්ලූ වෙන්නේ නැතිව බහුතර බලය තියන කණ්ඩායමට අගමැතිවරයෙක් පත් කරගන්න ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි. ''